විෂයය - දෙමළ
ගුරු භවතා - චන්දන ප්‍රදීප් කුමාර
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/22
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 4-සිට ප.ව 5.30 දක්වා.
உங்கள் அனைவருக்கும் இனிய மாலை வணக்கம்
පුතේ ඔයාලා හැමෝටම සුභ සන්ධ්‍යාවක්
ඔයාලා මීට කලින් ඉගෙන ගත්තු දෙමළ සංඛ්‍යා ගැන තමයි තවත් ටිකක් ඉදිරියට මේ පාඩමෙන් සාකච්ඡා කරන්නේ.
මේ වනවිට 1 සිට 30 දක්වා සංඛ්‍යා ගැන හොඳ අවබෝධයක් මගේ පුතාලට තියෙනවා කියලා මම හිතනවා. කවුරුන් හෝ කෙනෙකුට එහෙම අවබෝධයක් නැතිනම් හෝ අවබෝධය අඩුනම් පසුගිය පාඩම නැවත නැවත බලන්න. 1 සිට 30 දක්වා සංඛ්‍යා ලිවීමට හොඳට හුරු වෙන්න. 1 සිට 30 දක්වා සංඛ්‍යා මෙසේයි.
1 - ஒன்று
2 - இரண்டு
3 - மூன்று
4 - நான்கு
5 - ஐந்து
6 - ஆறு
7 - ஏழு
8 - எட்டு
9 - ஒன்பது
10 - பத்து
11 - பதினொன்று
12 - பன்னிரண்டு
13 - பதின்மூன்று
14 - பதினான்கு
15 - பதினைந்து
16 - பதினாரு
17 - பதினேழு
18 - பதினெட்டு
19 - பத்தொன்பது
20 - இருபது
21 - இருபத்தொன்று
22 - இருபத்திரண்டு
23 - இருபத்தி மூன்று
24 - இருபத்தி நான்கு
25 - இருபத்தைந்து
26 - இருபத்தாறு
27 - இருபத்தேழு
28 - இருபத்தெட்டு
29 - இருபத்தொன்பது
30 - முப்பது
අපි මීළඟට අපේ අවධානය යොමු කරන්නේ 31 සිට 40 දක්වා සංඛ්‍යා වලට.
31 සිට 39 දක්වා සංඛ්‍යා හැදෙන්නේ முப்பத்தி කියන වචනෙට 1 ඉදන් 9 දක්වා සංඛ්‍යා ටික එකතු වෙලා. (සිංහල සංඛ්‍යා වගේම තමයි. තිස් කියන වචනෙට එකතු වෙනවා වගේ) සංඛ්‍යා ටික මුලින් ලියා ගමු. ඊට පස්සේ බලමු හැදෙන විදිහ.
31 - முப்பத்தொன்று
32 - முப்பத்திரண்டு
33 - முப்பத்தி மூன்று
34 - முப்பத்தி நான்கு
35 - முப்பத்தைந்து
36 - முப்பத்தாறு
37 - முப்பத்தேழு
38 - முப்பத்தெட்டு
39 - முப்பத்தொன்பது
40 - நாற்பது
මේ සංඛ්‍යා උච්චාරණය කරන්නේ මෙන්න මේ විදිහට
31 - முப்பத்தொன்று - මුප්පත්තොන්රු
32 - முப்பத்திரண்டு - මුප්පත්තිරණ්ඩු
33 - முப்பத்தி மூன்று - මුප්පත්ති මූන්රු
34 - முப்பத்தி நான்கு - මුප්පත්ති නාන්ගු
35 - முப்பத்தைந்து මුප්පත්තෛන්දු
36 - முப்பத்தாறு - මුප්පත්තාරු
37 - முப்பத்தேழு - මුප්පත්තේලු
38 - முப்பத்தெட்டு - මුප්පත්තෙට්ටු
39 - முப்பத்தொன்பது - මුප්පත්තොන්බදු
40 - நாற்பது - නාට්පදු
මේ සංඛ්‍යා වලින් එක් සංඛ්‍යාවක් නිර්මාණය වන ආකාරය අපි බලමු.
අපි දන්නවා 31 සිට 39 දක්වා සංඛ්‍යා නිර්මාණයේදී එකතු වන වචනය තමයි முப்பத்தி කියන වචනය. අපි ඒ වචනය මුලින් ලියා ගන්නවා. ඊට පස්සේ 1 - 9 දක්වා සංඛ්‍යා වලින් එකක් ගන්නවා. අපි ஒன்று කියන වචනය ගමු. එතකොට අපි ගත්තු වචන දෙක තමයි
முப்பத்தி + ஒன்று කියන වචන දෙක. එම වචන දෙකෙන් පළමු වචනයේ අග තියෙන தி කියන මිශ්‍ර අකුර අපි ස්වර ව්‍යංජන ලෙස බෙදා ගන්නවා. එතකොට එය த் + இ ලෙස බෙදෙනවා. මෙයින් இ කියන ස්වර අකුර ලොප් හෙවත් ඉවත් වෙනවා. ඉන් පස්සේ ඉතිරි වෙන කොටස් තමයි
முப்பத் + த் + ஒ ன்று යන ඒවා. මෙයින් த் සහ ஒ අකුරු එකට සම්බන්ධ වෙලා தொ කියන අකුර නිර්මාණය වෙනවා. දැන් වචනය ලියන්න පහසුයි. (ඉතිරි කොටස් ටික පිළිවෙලින් ලියා ගන්නයි තියෙන්නේ.🙂)
முப்பத்தொன்று
මේ ආකාරයෙන් තමයි 31 සිට 39 දක්වා අනෙකුත් දෙමළ සංඛ්‍යා නිර්මාණය වෙන්නෙ.
[16:29, 22/04/2020] Tamil Sir: අපේ මීළඟ අවධානය යොමු වෙන්නේ 41 සිට 50 දක්වා සංඛ්‍යා වලට
[16:32, 22/04/2020] Tamil Sir: 41 සිට 49 දක්වා සංඛ්‍යා හැදෙන්නේ நாற்பத்தி කියන වචනෙට 1 ඉදන් 9 දක්වා සංඛ්‍යා ටික එකතු වෙලා. (සිංහල සංඛ්‍යාවල, හතළිහ කියන වචනෙන් හතළිස් කියන පදය හැදෙනවා වගේ දෙමළ භාෂාවේ நாற்பது කියන වචනෙන් நாற்பத்தி කියන වචනෙ හැදෙනවා) සංඛ්‍යා ටික මුලින් ලියා ගමු.
41 - நாற்பத்தொன்று
42 - நாற்பத்திரண்டு
43 - நாற்பத்தி மூன்று
44 - நாற்பத்தி நான்கு
45 - நாற்பத்தைந்து
46 - நாற்பத்தாறு
47 - நாற்பத்தேழு
48 - நாற்பத்தெட்டு
49 - நாற்பத்தொன்பது
50 - ஐம்பது
මේ සංඛ්‍යා උච්චාරණය කරන්නේ මෙන්න මේ ආකාරයෙන්
41 - நாற்பத்தொன்று - නාට්පත්තොන්රු
42 - நாற்பத்திரண்டு - නාට්පත්තිරණ්ඩු
43 - நாற்பத்தி மூன்று - නාට්පත්ති මූන්රු
44 - நாற்பத்தி நான்கு - නාට්පත්ති නාන්ගු
45 - நாற்பத்தைந்து - නාට්පත්තෛන්දු
46 - நாற்பத்தாறு - නාට්පත්තාරු
47 - நாற்பத்தேழு - නාට්පත්තේලු
48 - நாற்பத்தெட்டு - නාට්පත්තෙට්ටු
49 - நாற்பத்தொன்பது - නාට්පත්තොන්බදු
50 - ஐம்பது - ඓම්බදු
(මෙම වචන උච්චාරණය කිරීමේදී කිසිදු විටෙක වචන වෙන් කර උච්චාරණය නොකිරීමට වගබලා ගන්න)
Audio 13
මේ සංඛ්‍යා වලින් එක් සංඛ්‍යාවක් නිර්මාණය වන ආකාරය අපි බලමු.
පුතේ දැන් අපි දන්නවා 41 සිට 49 දක්වා සංඛ්‍යා නිර්මාණයේදී එකතු වන වචනය තමයි நாற்பத்தி කියන වචනය. අපි ඒ වචනය මුලින් ලියා ගන්නවා. ඊට පස්සේ 1 - 9 දක්වා සංඛ්‍යා වලින් එකක් ගන්නවා. අපි ஒன்று කියන වචනය ගමු. එතකොට අපි ගත්තු වචන දෙක තමයි
நாற்பத்தி + ஒன்று කියන වචන දෙක. එම වචන දෙකෙන් පළමු වචනයේ අග තියෙන தி කියන මිශ්‍ර අකුර අපි ස්වර ව්‍යංජන ලෙස බෙදා ගන්නවා. එතකොට එය த் + இ ලෙස බෙදෙනවා. මෙයින් இ කියන ස්වර අකුර ලොප් හෙවත් ඉවත් වෙනවා. ඉන් පස්සේ ඉතිරි වෙන කොටස් තමයි
நாற்பத் + த் + ஒ ன்று යන ඒවා. මෙයින් த் සහ ஒ අකුරු එකට සම්බන්ධ වෙලා தொ කියන අකුර නිර්මාණය වෙනවා. දැන් වචනය ලියන්න පහසුයි. (ඉතිරි කොටස් ටික පිළිවෙලින් ලියා ගන්න ඕන මෙන්න මෙහෙම)
நாற்பத்தொன்று
අපේ මීළඟ අවධානය යොමු වෙන්නේ 51 සිට 60 දක්වා සංඛ්‍යා වලට
51 සිට 59 දක්වා සංඛ්‍යා නිර්මාණය වෙන්නේ ஐம்பத்தி කියන වචනෙට 1 ඉදන් 9 දක්වා සංඛ්‍යා ටික එකතු වෙලා. (සිංහල සංඛ්‍යාවල, පනහ කියන වචනෙන් පනස් කියන පදය හැදෙනවා වගේ දෙමළ භාෂාවේ ஐம்பது කියන වචනෙන් ஐம்பத்தி කියන වචනෙ හැදෙනවා) සංඛ්‍යා ටික මුලින් ලියා ගමු.
51 - ஐம்பத்தொன்று
52 - ஐம்பத்திரண்டு
53 - ஐம்பத்தி மூன்று
54 - ஐம்பத்தி நான்கு
55 - ஐம்பத்தைந்து
56 - ஐம்பத்தாறு
57 - ஐம்பத்தேழு
58 - ஐம்பத்தெட்டு
59 - ஐம்பத்தொன்பது
60 - அறுபது
ඉහත සංඛ්‍යා උච්චාරණය කරමු.(මෙම වචන උච්චාරණය කිරීමේදී කිසිදු විටෙක වචන වෙන් කර උච්චාරණය නොකිරීමට වගබලා ගන්න)
51 - ஐம்பத்தொன்று - ඓම්පත්තොන්රු
52 - ஐம்பத்திரண்டு - ඓම්පත්තිරණ්ඩු
53 - ஐம்பத்தி மூன்று - ඓම්පත්ති මූන්රු
54 - ஐம்பத்தி நான்கு - ඓම්පත්ති නාන්ගු
55 - ஐம்பத்தைந்து - ඓම්පත්තෛන්දු
56 - ஐம்பத்தாறு - ඓම්පත්තාරු
57 - ஐம்பத்தேழு - ඓම්පත්තේලු
58 - ஐம்பத்தெட்டு - ඓම්පත්තෙට්ටු
59 - ஐமபத்தொன்பது - ඓම්පත්තොන්බදු
60 - அறுபது - අරුබදු
මේ සංඛ්‍යා වලින් එක් සංඛ්‍යාවක් නිර්මාණය වන ආකාරය අපි බලමු.
51 සිට 59 දක්වා සංඛ්‍යා නිර්මාණයේදී එකතු වන වචනය තමයි ஐம்பத்தி කියන වචනය. අපි ඒ වචනය මුලින් ලියා ගන්නවා. ඊට පස්සේ 1 - 9 දක්වා සංඛ්‍යා වලින් එකක් ගන්නවා. අපි இரண்டு කියන වචනය ගමු. එතකොට අපි ගත්තු වචන දෙක තමයි
ஐம்பத்தி + இரண்டு කියන වචන දෙක. එම වචන දෙකෙන් පළමු වචනයේ අග තියෙන தி කියන මිශ්‍ර අකුර අපි ස්වර ව්‍යංජන ලෙස බෙදා ගන්නවා. එතකොට එය த் + இ ලෙස බෙදෙනවා. මෙයින් இ කියන ස්වර අකුර ලොප් හෙවත් ඉවත් වෙනවා. ඉන් පස්සේ ඉතිරි වෙන කොටස් තමයි
ஐம்பத் + த் + இ ரண்டு යන ඒවා. මෙයින් த் සහ இ අකුරු එකට සම්බන්ධ වෙලා தி කියන අකුර නිර්මාණය වෙනවා. දැන් වචනය ලියන්න පහසුයි. (ඉතිරි කොටස් ටික පිළිවෙලින් ලියා ගන්න ඕන මෙන්න මෙහෙම)
ஐம்பத்திரண்டு
1 සිට 60 දක්වා සංඛ්‍යා නිර්මාණය වන ආකාරය, ඒවා උච්චාරණය වන ආකාරය මේ වන විට අපි කතා කරලා අවසන්. මේ සංඛ්‍යා ගැන අවබෝධය තුළින් වේලාව කියන්නේ කොහොමද කියලා අපි ඊළඟ පාඩමෙන් සාකච්ඡා කරමු. එහෙනම් දරුවනේ අදට පාඩම් අවසන් කරනවා. ඊළඟ පාඩමෙන් නැවත මුණගැහෙමු. හැමෝටම සුබ දවසක්. බුදු සරණයි.