Friday 24 April 2020

චිත්‍ර‍ - නුවන් ප්‍ර‍ාසාද් මයා




ආයුබෝවන් සියලුම දරුවන්ට අද පොඩි වෙනසක් වෙලා තියෙනව නැටුම් පාඩම හවස්වරුවට යොදාගෙන තියෙනව  ඉතින් අපි අද පෙ :ව 11ට චිත්‍රපාඩමට සම්බන්ධ වෙමු
මම 11 ට එනව හමොම සූදානම් වෙන්න
අද අපි ඉගෙනගන්නෙ අළුත් පාඩමක්  හරිම විනෝදාත්මක වැඩක
අපි මේකට කියන්නේ කොලාජ්  චිත්‍ර කියල
ඔයාල අහල ඇති මේගැන  මම මුලින්ම ඔයාලට චිත්‍රටිකක් පෙන්නන්නම්කො










මේ ක්‍රමයේදි අපි භාවිතා කරන්නේ අපතේ යන විවිධ වර්ණවත් කඩදාසි
 ක්‍රම කිහිපයක් ති⁣යෙනව අපිට නිර්මාණ කරන්න පුළුවන් අපි බලමු ඒ ක්‍රම ගැන
1  වර්ණ කඩදාසි කැබලි ඉරලා අරගෙන
2  වර්ණ කඩදාසි වලින් හැඩතල කපාගෙන අලවල 
3  පැන්සල් තුඩකින් හීනියට කොල කැබලි අලවල
 අපි බලමු මේ වැඩේට අවශ්‍ය දේවල් මොනාද කියල 
1 ඉවත දාන පත්තර ,සඟරාවලින් තෝරගත්ත පින්තූර,වාර්නිෂ් කොල ආදිය 
2  මැලියම් 
3 කතුරක් 
4 පරණ පෑනක් හෝ පැන්සලක් 
5 සිතුවම නිර්මාණය කිරීමට සුදුසු කොලයක් හෝ බ්‍රිසිල් බෝඩ් 1ක්
මේ අමුද්‍රව්‍ය කිහිපය ඔයාල එකතු කරගන්න  මම දැන් කියල දෙනනම් අපි කොහොමද මේ වැඩේ කරනනෙ කියල
මුලින්ම ඔයාල  කැමති චිත්‍රයක් සපයා ගත්ත කොලේ අඳින්න
ඊලඟට අපි කරන්න ඕන මේ චිත්‍රයට අවශ්‍ය පාට ඔයාල සපයාගත් කොලවලින් තොර ගන්න වැඩේ













SCIENCE

විෂය                               -විද්‍යාව පාඩම                              - 7 ගුුරැ බවතා                        - උදයංග මධුමාල් ...