Tuesday 28 April 2020

MUSIC





විෂය                -  සංගීතය

පරිවේණාචාර්ය -  රංග ගුණවර්ධන

පාඩම               -  ස්වර ස්ථාපන ගී    
දිනය                -  2020-04-25

වේළාව             -  ප.ව. 12.30 - ප.ව 1.30










 ස්වර ස්ථාපන ගී කොටසේ මේ පාඩම සටහන් කර ගන්න.


කෝමල ග , නි ස්වර ස්ථාපන ගී (මෙහි ග සහ නි කෝමල විය යුතුති.


 කෝමළ ස්වර පමණක් උපයෝගී කර ගනිමින් නිර්මාණය කලා වූ ගී විශේෂයක් ලෙස කෝමළ ස්වර ස්ථාපන ගී හැදින්විය හැක.

පෙරදිග සංගීත පද්ධතියට අනුව සප්තකයෙහි මූලික වශයෙන් කෝමළ ස්වර 4 ක් පවතී.කෝමළ ස්වරය යනු ශුද්ධ ස්වරයකට වඩා හඩ අඩක් අඩු වූ විට උපදින ස්වරයන් වේ.

සප්තකයෙහි කෝමළ ස්වර ලෙස කෝමළ රිෂභය,කෝමළ ගාන්ධාරය,කෝමළ දෛවතය හා කෝමළ නිශාදය ලෙස දැක්විය හැක.


සප්තකයෙහි කෝමළ ස්වර සහිත ස්වර මාලාවකට උචිත අයුරින් ගී පද මාලාවක් යොදා ගනිමින් මෙම ගී නිර්මාණය වී ඇත.කෝමළ ස්වර ස්ථාපන ගීත වල ස්වරයන් කිසියම් රටාවකට අනුව තාලානුකූලව අලංකාරවත් ලෙස විවිධ තේමාවන් මත නිර්මාණය වී ඇත.


කෝමළ ගාන්ධාරය හා කෝමළ නිශාදය පමණක් ඇසුරු කර ගනිමින් කෝමළ ග,නි ස්වර ස්ථාපන ගී නිර්මාණය වී ඇත.


කෝමළ ග,නි ස්වර අභ්‍යාස කීපයක් මෙසේය .


















































ස්වර ස්ථානය ගී අංක 3


ඉහත මාතෘකාව ස්වර ස්ථාපන ගී ලෙස නිවැරැදි කර ගන්න.
























ඉහත මා එවා ඇති සියලුම සටහන් හා ප්‍රස්ථාර නිවැරැදිව සටහන් කර අධ්‍යනය කරන්න.


 දැන් මා ඔබට කෝමළ ග,නි ස්වර ස්ථාපන ගී 2ක් ගායනය හා වාදනය කර පෙන්වන්නම්.

AUDIO 1

AUDIO 2




මේ ගීත 2 ඔබ හොදින් පුහුණුවීම් කරන්න.


අදට පාඩම අවසන් පුතේ  හැමදෙනාටම තෙරුවන් සරණයි.


ආයුබෝවන් 🙏




No comments:

Post a Comment

SCIENCE

විෂය                               -විද්‍යාව පාඩම                              - 7 ගුුරැ බවතා                        - උදයංග මධුමාල් ...