Wednesday, 22 April 2020

Tamil




විෂයය - දෙමළ
ගුරු භවතා - චන්දන ප්‍රදීප් කුමාර
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/22
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 4-සිට ප.ව 5.30 දක්වා.





உங்கள் அனைவருக்கும் இனிய மாலை வணக்கம்

පුතේ ඔයාලා හැමෝටම සුභ සන්ධ්‍යාවක්

ඔයාලා මීට කලින් ඉගෙන ගත්තු දෙමළ සංඛ්‍යා ගැන තමයි තවත් ටිකක් ඉදිරියට  මේ පාඩමෙන් සාකච්ඡා කරන්නේ.

Audio 1


මේ වනවිට 1 සිට 30 දක්වා සංඛ්‍යා ගැන හොඳ අවබෝධයක් මගේ පුතාලට තියෙනවා කියලා මම හිතනවා. කවුරුන් හෝ කෙනෙකුට එහෙම අවබෝධයක් නැතිනම් හෝ අවබෝධය අඩුනම් පසුගිය පාඩම නැවත නැවත බලන්න. 1 සිට 30 දක්වා සංඛ්‍යා ලිවීමට හොඳට හුරු වෙන්න. 1 සිට 30 දක්වා සංඛ්‍යා මෙසේයි.
1 - ஒன்று
2 - இரண்டு
3 - மூன்று
4 - நான்கு
5 - ஐந்து
6 - ஆறு
7 - ஏழு
8 - எட்டு
9 - ஒன்பது
10 - பத்து
11 - பதினொன்று
12 - பன்னிரண்டு
13 - பதின்மூன்று
14 - பதினான்கு
15 - பதினைந்து
16 - பதினாரு
17 - பதினேழு
18 - பதினெட்டு
19 - பத்தொன்பது
20 - இருபது
21 - இருபத்தொன்று
22 - இருபத்திரண்டு
23 - இருபத்தி மூன்று
24 - இருபத்தி நான்கு
25 - இருபத்தைந்து
26 - இருபத்தாறு
27 - இருபத்தேழு
28 - இருபத்தெட்டு
29 - இருபத்தொன்பது
30 - முப்பது

Audio 2
Audio 3
Audio 4


අපි මීළඟට අපේ අවධානය යොමු කරන්නේ 31 සිට 40 දක්වා සංඛ්‍යා වලට.

Audio 5


31 සිට 39 දක්වා සංඛ්‍යා හැදෙන්නේ முப்பத்தி කියන වචනෙට 1 ඉදන් 9 දක්වා සංඛ්‍යා ටික එකතු වෙලා. (සිංහල සංඛ්‍යා වගේම තමයි. තිස් කියන වචනෙට එකතු වෙනවා වගේ) සංඛ්‍යා ටික මුලින් ලියා ගමු. ඊට පස්සේ බලමු හැදෙන විදිහ.

31 - முப்பத்தொன்று
32 - முப்பத்திரண்டு
33 - முப்பத்தி மூன்று
34 - முப்பத்தி நான்கு
35 - முப்பத்தைந்து
36 - முப்பத்தாறு
37 - முப்பத்தேழு
38 - முப்பத்தெட்டு
39 - முப்பத்தொன்பது

40 - நாற்பது

Audio 6


මේ සංඛ්‍යා උච්චාරණය කරන්නේ මෙන්න මේ විදිහට

31 - முப்பத்தொன்று - මුප්පත්තොන්රු

32 - முப்பத்திரண்டு - මුප්පත්තිරණ්ඩු

33 - முப்பத்தி மூன்று - මුප්පත්ති මූන්රු

34 - முப்பத்தி நான்கு - මුප්පත්ති නාන්ගු

35 - முப்பத்தைந்து මුප්පත්තෛන්දු

36 - முப்பத்தாறு - මුප්පත්තාරු

37 - முப்பத்தேழு - මුප්පත්තේලු

38 - முப்பத்தெட்டு - මුප්පත්තෙට්ටු

39 - முப்பத்தொன்பது - මුප්පත්තොන්බදු

40 - நாற்பது - නාට්පදු


Audio 7


මේ සංඛ්‍යා වලින් එක් සංඛ්‍යාවක් නිර්මාණය වන ආකාරය අපි බලමු.

අපි දන්නවා 31 සිට 39 දක්වා සංඛ්‍යා නිර්මාණයේදී එකතු වන වචනය තමයි முப்பத்தி කියන වචනය. අපි ඒ වචනය මුලින් ලියා ගන්නවා. ඊට පස්සේ 1 - 9 දක්වා සංඛ්‍යා වලින් එකක් ගන්නවා. අපි ஒன்று කියන වචනය ගමු. එතකොට අපි ගත්තු වචන දෙක තමයි
முப்பத்தி + ஒன்று කියන වචන දෙක. එම වචන දෙකෙන් පළමු වචනයේ අග තියෙන தி කියන මිශ්‍ර අකුර අපි ස්වර ව්‍යංජන ලෙස බෙදා ගන්නවා. එතකොට එය த் + இ ලෙස බෙදෙනවා. මෙයින් இ කියන ස්වර අකුර ලොප් හෙවත් ඉවත් වෙනවා. ඉන් පස්සේ ඉතිරි වෙන කොටස් තමයි
முப்பத் + த் + ஒ ன்று යන ඒවා. මෙයින් த் සහ ஒ අකුරු එකට සම්බන්ධ  වෙලා தொ කියන අකුර නිර්මාණය වෙනවා. දැන් වචනය ලියන්න පහසුයි. (ඉතිරි කොටස් ටික පිළිවෙලින් ලියා ගන්නයි තියෙන්නේ.🙂)
முப்பத்தொன்று

Audio 8
Audio 9


























මේ ආකාරයෙන් තමයි 31 සිට 39 දක්වා  අනෙකුත් දෙමළ සංඛ්‍යා නිර්මාණය වෙන්නෙ.

Audio 10


[16:29, 22/04/2020] Tamil Sir: අපේ මීළඟ අවධානය යොමු වෙන්නේ 41 සිට 50 දක්වා සංඛ්‍යා වලට
[16:32, 22/04/2020] Tamil Sir: 41 සිට 49 දක්වා සංඛ්‍යා හැදෙන්නේ நாற்பத்தி කියන වචනෙට 1 ඉදන් 9 දක්වා සංඛ්‍යා ටික එකතු වෙලා. (සිංහල සංඛ්‍යාවල, හතළිහ කියන වචනෙන් හතළිස් කියන පදය හැදෙනවා වගේ දෙමළ භාෂාවේ நாற்பது කියන වචනෙන් நாற்பத்தி කියන වචනෙ හැදෙනවා) සංඛ්‍යා ටික මුලින් ලියා ගමු.

41 - நாற்பத்தொன்று
42 - நாற்பத்திரண்டு
43 - நாற்பத்தி மூன்று
44 - நாற்பத்தி நான்கு
45 - நாற்பத்தைந்து
46 - நாற்பத்தாறு
47 - நாற்பத்தேழு
48 - நாற்பத்தெட்டு
49 - நாற்பத்தொன்பது

50 - ஐம்பது


Audio 11
Audio 12



මේ සංඛ්‍යා උච්චාරණය කරන්නේ මෙන්න මේ ආකාරයෙන්

41 - நாற்பத்தொன்று - නාට්පත්තොන්රු

42 - நாற்பத்திரண்டு - නාට්පත්තිරණ්ඩු

43 - நாற்பத்தி மூன்று - නාට්පත්ති මූන්රු

44 - நாற்பத்தி நான்கு - නාට්පත්ති නාන්ගු

45 - நாற்பத்தைந்து - නාට්පත්තෛන්දු

46 - நாற்பத்தாறு - නාට්පත්තාරු

47 - நாற்பத்தேழு - නාට්පත්තේලු

48 - நாற்பத்தெட்டு - නාට්පත්තෙට්ටු

49 - நாற்பத்தொன்பது - නාට්පත්තොන්බදු

50 - ஐம்பது - ඓම්බදු

(මෙම වචන උච්චාරණය කිරීමේදී කිසිදු විටෙක වචන වෙන් කර උච්චාරණය නොකිරීමට වගබලා ගන්න)

Audio 13

මේ සංඛ්‍යා වලින් එක් සංඛ්‍යාවක් නිර්මාණය වන ආකාරය අපි බලමු.

පුතේ දැන් අපි දන්නවා 41 සිට 49 දක්වා සංඛ්‍යා නිර්මාණයේදී එකතු වන වචනය තමයි நாற்பத்தி කියන වචනය. අපි ඒ වචනය මුලින් ලියා ගන්නවා. ඊට පස්සේ 1 - 9 දක්වා සංඛ්‍යා වලින් එකක් ගන්නවා. අපි ஒன்று කියන වචනය ගමු. එතකොට අපි ගත්තු වචන දෙක තමයි
நாற்பத்தி + ஒன்று කියන වචන දෙක. එම වචන දෙකෙන් පළමු වචනයේ අග තියෙන தி කියන මිශ්‍ර අකුර අපි ස්වර ව්‍යංජන ලෙස බෙදා ගන්නවා. එතකොට එය த் + இ ලෙස බෙදෙනවා. මෙයින් இ කියන ස්වර අකුර ලොප් හෙවත් ඉවත් වෙනවා. ඉන් පස්සේ ඉතිරි වෙන කොටස් තමයි
நாற்பத் + த் + ஒ ன்று යන ඒවා. මෙයින් த் සහ ஒ අකුරු එකට සම්බන්ධ  වෙලා தொ කියන අකුර නිර්මාණය වෙනවා. දැන් වචනය ලියන්න පහසුයි. (ඉතිරි කොටස් ටික පිළිවෙලින් ලියා ගන්න ඕන මෙන්න මෙහෙම)
நாற்பத்தொன்று

Audio 14
Audio 15
Audio 16
Audio 17


අපේ මීළඟ අවධානය යොමු වෙන්නේ 51 සිට 60 දක්වා සංඛ්‍යා වලට

51 සිට 59 දක්වා සංඛ්‍යා නිර්මාණය වෙන්නේ ஐம்பத்தி කියන වචනෙට 1 ඉදන් 9 දක්වා සංඛ්‍යා ටික එකතු වෙලා. (සිංහල සංඛ්‍යාවල, පනහ කියන වචනෙන් පනස් කියන පදය හැදෙනවා වගේ දෙමළ භාෂාවේ ஐம்பது කියන වචනෙන් ஐம்பத்தி කියන වචනෙ හැදෙනවා) සංඛ්‍යා ටික මුලින් ලියා ගමු.

51 - ஐம்பத்தொன்று
52 - ஐம்பத்திரண்டு
53 - ஐம்பத்தி மூன்று
54 - ஐம்பத்தி நான்கு
55 - ஐம்பத்தைந்து
56 - ஐம்பத்தாறு
57 - ஐம்பத்தேழு
58 - ஐம்பத்தெட்டு
59 - ஐம்பத்தொன்பது

60 - அறுபது

Audio 18


ඉහත සංඛ්‍යා උච්චාරණය කරමු.(මෙම වචන උච්චාරණය කිරීමේදී කිසිදු විටෙක වචන වෙන් කර උච්චාරණය නොකිරීමට වගබලා ගන්න)

51 - ஐம்பத்தொன்று - ඓම්පත්තොන්රු

52 - ஐம்பத்திரண்டு - ඓම්පත්තිරණ්ඩු

53 - ஐம்பத்தி மூன்று - ඓම්පත්ති මූන්රු

54 - ஐம்பத்தி நான்கு - ඓම්පත්ති නාන්ගු

55 - ஐம்பத்தைந்து - ඓම්පත්තෛන්දු

56 - ஐம்பத்தாறு - ඓම්පත්තාරු

57 - ஐம்பத்தேழு - ඓම්පත්තේලු

58 - ஐம்பத்தெட்டு - ඓම්පත්තෙට්ටු

59 - ஐமபத்தொன்பது - ඓම්පත්තොන්බදු

60 - அறுபது - අරුබදු


Audio 19


මේ සංඛ්‍යා වලින් එක් සංඛ්‍යාවක් නිර්මාණය වන ආකාරය අපි බලමු.

51 සිට 59 දක්වා සංඛ්‍යා නිර්මාණයේදී එකතු වන වචනය තමයි ஐம்பத்தி කියන වචනය. අපි ඒ වචනය මුලින් ලියා ගන්නවා. ඊට පස්සේ 1 - 9 දක්වා සංඛ්‍යා වලින් එකක් ගන්නවා. අපි இரண்டு කියන වචනය ගමු. එතකොට අපි ගත්තු වචන දෙක තමයි
ஐம்பத்தி +  இரண்டு කියන වචන දෙක. එම වචන දෙකෙන් පළමු වචනයේ අග තියෙන தி කියන මිශ්‍ර අකුර අපි ස්වර ව්‍යංජන ලෙස බෙදා ගන්නවා. එතකොට එය த் + இ ලෙස බෙදෙනවා. මෙයින් இ කියන ස්වර අකුර ලොප් හෙවත් ඉවත් වෙනවා. ඉන් පස්සේ ඉතිරි වෙන කොටස් තමයි
ஐம்பத் + த் + இ ரண்டு යන ඒවා. මෙයින් த் සහ இ අකුරු එකට සම්බන්ධ  වෙලා தி කියන අකුර නිර්මාණය වෙනවා. දැන් වචනය ලියන්න පහසුයි. (ඉතිරි කොටස් ටික පිළිවෙලින් ලියා ගන්න ඕන මෙන්න මෙහෙම)

ஐம்பத்திரண்டு

Audio 20
Audio 21
Audio 22


1 සිට 60 දක්වා සංඛ්‍යා නිර්මාණය වන ආකාරය, ඒවා උච්චාරණය වන ආකාරය මේ වන විට අපි කතා කරලා අවසන්. මේ සංඛ්‍යා ගැන අවබෝධය තුළින් වේලාව කියන්නේ කොහොමද කියලා අපි ඊළඟ පාඩමෙන් සාකච්ඡා කරමු. එහෙනම් දරුවනේ අදට පාඩම් අවසන් කරනවා. ඊළඟ පාඩමෙන් නැවත  මුණගැහෙමු. හැමෝටම සුබ දවසක්. බුදු සරණයි.

Audio 23


විෂය                               -විද්‍යාව


පාඩම                              - 7

ගුුරැ බවතා                        - උදයංග මධුමාල්

පන්තිිිය පැවැත්වුු  දිනය    - 2020.04.21

වේලාව                           - ‌‌පෙ.ව. 8.30 - පෙ.ව. 10.00



ආයුබෝවන් සුබ උදෑසනක් වේවා පුතාලට.
අපි අද විද්‍යාව පාඩම පටන් ගන්නයි යන්නෙ. ඊයෙ නවත්තපු තැනින්.
ඉතින්  පුතාලට කියන්න තියෙන්නෙ පාඩමට හොඳින් සහභාගී වෙන්න. මං දෙන පින්තූර වල තියෙන සටහන පැහැදිලිව ලියාගෙන තේරුම් ගන්න. ගොඩාක් අමාරු පාඩමක් නෙමෙයි මේක.
 ඉතින් අදත් උදේ 10.00 වෙද්දි මං උත්තර දානවා. ඊට කලින් ඕගොලොන්ගෙ සටහන් මට එවන්න. අවශ්‍ය තැන් වලදි ගෙදර අනිත් අයගේ සහයෝගයත් ගන්න.
එහෙනම් පාඩම පටන් ගමු..
අංක පිලිවෙලට සටහන් හා ක්‍රියාකාරකම් ලියාගෙන පිළිතුරු ලියන්න.

පෙළ පොතේ මේ පාඩම පෙරලගන්න. මං මේ දාල තියෙන කොටස් විතරක් සටහන් කර ගන්න. පිළිතුරු සමඟ 10.00ට හමු වෙමු.

















[10


































ඔන්න පුතාල උතතර
 බලල වැරදි හදාගන්න















Science


විෂය                               -විද්‍යාව


පාඩම                              - 7

ගුුරැ බවතා                        - උදයංග මධුමාල්


පන්තිිිය පැවැත්වුු  දිනය    - 2020.04.21

වේලාව                           - ‌‌පෙ.ව. 10.00 - ප.ව. 12.00





 පුතාලා අපි උදේ 10.00ට විද්‍යාව පාඩමට ලෑස්ති වෙමු. සරත් සර් හවස එයි.
ආයුබෝවන් පුතාල හැමෝටම.
 අපි විද්‍යාව පාඩම පටන් ගමු.
මේ තියෙන ෆොටෝවල තියෙන සටහන් සම්පූර්ණයෙන් ලියාගෙන ඒ ඒ ක්‍රියාකාරකම් කරන්න.
 සටහන් සම්පූර්ණයෙන් ලියා ගන්න
 චාලක ශක්තිය
විභව ශක්තිය
පුතාල අංක පිලිවෙලට කරගෙන යන්න.









































































මං දවල් 12.00ට ඔයාලට උත්තර දෙන්නම්. ඊට කලින් ඉවර කරන්න.

එහෙනම් මෙන්න පුතාලා උත්තර මේක බලාගෙන වැරදි හදා ගන්න.


විෂය -ඉතිහාසය

විෂය                               - ඉතිහාසය
පාඩම                              - 2
ගුුරැ බවතා                        - සරත් කුමාර
පන්තිිිය පැවැත්වුු  දිනය    - 2020.04.21
වේලාව                           - ප.ව. 1.15 - ප.ව. 3.00














පුතාල හැම කෙනෙකුටම සුභ සන්ධ්‍යාවක් වේවා......
මම 1.30 වෙනකොට එනවා.....
මහා විජයබාහු රජතුමා ගැන බලා ගන්න......අපි සවිස්තරාත්මකව පාඩම කරමු......
දැනට ග්රූප් එකේ ඉන්න අය මට දැනගන්න 'ආයුබෝවන්" කියල msg කරන්න....


Audio 1


























Audio 2


























Audio 3

Audio 4

Audio 5
Audio 6
Audio 7
Audio 8
Audio 9
Audio 10
Audio 11
Audio 12







































YOU TUBE - PENDING

Audio 13
Audio 14


YOU TUBE - PENDING

Audio 15


Audio 16


YOU TUBE - PENDING

Monday, 20 April 2020

ICT පළමු පාඩම

විෂය               - ICT
පාඩම            - 1
ගුරු භවතා  -  ප්‍රදිප් ‌‌හේරත්
දිනය              - 20.04.2020
වේ‍ලාව          - ‌පෙ . ව. 9.15 - 10.40





සුභ උදෑසනක් පුතාලා,

අද මම ඔයාලට 7 ශ්‍රේණියේ ICT පළමු පාඩම ආවර්ජනය කරගැනීම සදහා කෙටි ප්‍රශ්න 12කින් සමන්විත ප්‍රශ්න පත්‍රයක් ඇතුලත් කරන්න අදහස් කලා. පිළිතුර ලිවීම සදහා ඔබට පෙළ පොත උපයෝගී කරගත හැකිය.

හේරත් සර් 0703107070 ICT.


3වැනි ප්‍රශ්නය නැහැ පුතේ. ඉතිරි ප්‍රශ්න වලට පිළිතුර ලියන්න.


Saturday, 18 April 2020

සංගීතය - උපදේශාත්මක ගී




විෂය                -  සංගීතය

පරිවේණාචාර්ය -  රංග ගුණවර්ධන

පාඩම               -  උපෙද්ශාත්මක ගී

දිනය                -  2020-04-18

වේළාව             -  ප.ව. 12.00 - ප.ව 2.00




සුභ දහවලක් මගෙ දරුවො හැමෝටම.

දෙවන වාරයට නියමිත පළමු  වන පාඩම යටතේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ අපි දැන් නිරත වෙමු. එහෙනම් ව්‍යවහාරික සංගීත කොටසේ මෙම  පාඩම සටහන් කරගන්න.

උපදේශාත්මක ගී


උපදේශාත්මක ගී යනු කිසියම් රටක සමාජයක ජීවත් වන පුරවැසියන් යහමගට යොමු කිරීමේ අරමුණින් නිර්මාණය වූ ගී විශේෂයක් ලෙස හැදින්විය හැක.

යහපත් ජන සමාජයක් ගොඩනැංවීමේ අරමුණින් ලාංකේය ගීත සාහිත්‍ය තුළ විවිධ තේමාවන් මත නිර්මාණය වූ "උපදේශාත්මක ගී"පවතී.
 එනම්,

   1.මව් ගුණ ගී
   2. පිය ගුණ ගී
   3. ගුරු මව් පිය ගුණ ගී
   4. පරිසරය සුරැකීම
   5. කළගුණ සැලකීම හා වැඩිහියන්ට ගරු කිරීම
   6. උතුම් සාරධර්ම හා ගුණධර්ම පිළිබඳ රචනා වූ ගී

ආදී වශයෙන් දැක්විය හැක.

එම උපදේශාත්මක ගීත වල තේමාවන්හි පද මාලාවට උචිත අයුරින් විවිධ තනු නිර්මාණයගෙන් විචිත්‍රවත් වී ඇත. තේමාවෙන් මතු වන අදහස උද්ධීපනය වන අයුරින් ගීතයට උචිත නාද මාලාවන් ඉතා රසවත් ලෙස නිර්මාණය වී ඇත.

එම් ගීත හරවත් වූ අර්ථවත් වූ පද මාලාවන්ගෙන් හා වටිනා ආදර්ශයන්ගෙන් ද සමන්විත වේ. ලාංකීය ගීත සාහිත්‍යය තුළ ප්‍රචලිත උපදේශාත්මක ගීත කීපයක් මෙසේය.

* දැඩි කල මාතා...
* දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න...
* නොමග නොයන් පුතේ..
* පුංචි පුතේ පුංචි දුවේ ඉපදුණු සිරි ලක් දිවේ...
* අහන්න මගෙ හොඳ පුංචි පුතේ ...
* පාන් කිරිත්තා තක්කිට තරිකිට
* නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ...
* හොඳ හොඳ ළමයින් අපි වාගේ...
* හිතන්නකෝ අයියේ
* මල්ලියෙ නරක මිතුරන...
* කරුණාව සමග හොඳ හිත
* පියුමෙහි පැණි බොති වන බඹරෝ...
* රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ...
* කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ...
* පින් සිදුවන්නේ අනේ බාල ළමුන්නේ

මිනිසුන් තුළ උදාරතර මනුෂ්‍ය ගුණ ධර්මයන් පෝෂණය කිරීමෙහිලා උපදේශාත්මක ගී තුළින් ඉටුවන මෙහෙය අති මහත් ය.

ඉහත සදහන් කර ඇති සටහන හොදින් කියවා අධ්‍යයන කරන්න.

පැවරුම 1

ඔබ කැමති උපදේශාත්මක ගීත 5ක් සම්පූර්ණයෙන්ම ලියා ඉන් ලබා දෙන උපදේශය පිලිබඳ කෙටි හැදින්වීමක් කරන්න.
ඒවා මාගේ වට්සප් ගිණුම වෙත එවන්න. 0718721756

එහෙනම් පුතේ ඊළඟ දවසේදී අපි උපදේශාත්මක ගී ගායනය හා රසාස්වාදනය කරමු .
සියලුම දෙනාට තෙරුවන් සරණයි!!!

ආයුබෝවන් !!!

සිංහල - තිලමුට්ඨී ජාතකය

විෂයය - සිංහල
පාඩම - තිලමුට්ඨි ජාතකය - 9 පාඩම
ගුරු භවතා - ඩබ්.ඩබ් සරත් මහතා
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/18
වේලාව - ප.ව. - 6 සිට 7. දක්වා

=======================



සුබ සන්ධ්‍යාවක් පුතාල හැමෝටම.මම දැන් සිංහල පාඩම පටන් ගන්න හදන්නෙ.ඔයාල සූදානම් අැති කියල මම හිතනව.
භාෂාවක් සතු මිනිස් සිත සනසන පැතිකඩ වන්නේ සාහිත්‍යයයි.
එම සාහිත්‍යයේ
* වන කතා හෙවත් සතුන් පිළිබඳ කතා
*ගැමිකතා හෙවත් ගම කතා (ළමයින් සහ වැඩිහිටියන්ගේ සිත් සනසන කොටසකි)
*බණකතා.මෙය වැඩිහිටියන්ගේ සිත් සතන් සනසාලන අාගම හා බැඳුණු අපූර්ව සාහිත්‍ය නිර්මාණයකි.
බණකතා සාහිත්‍යයේ අග්‍රගන්‍ය කෘතිය වන්නේ
"පන්සියපනස් ජාතක පොත් වහන්සේ" යි.
මෙම කෘතිය ගැන පුතාල අහල අැති.අපට බණ අහන කොටත් මෙහි අැති කතා පුවත් ගැන අහන්න ලැබිල තියෙනව නේද?මේ කෘතිය ගැන විශේෂයෙන් පහත කරුණු ගැන පුතාල මතක තබාගන්න ඕන.එ් තමයි
*මෙම කෘතිය රචනා වී අැත්තේ කුරුණෑගල සාහිත්‍ය යුගයේ දී ය.
*මෙකල රජකළ පාලකයා වන්නේ iv වන පැරකුම් රජු ය.
* මෙම කෘතිය කතුවරුන් රැසකගේ අතින් ලියැවී අැතැයි සැලකෙන නිසා බහු කතෘ කෘතියක් ලෙස සැලකේ.(මෙම කතුවරුන් යතිවරයන් වහන්සේලා යැයි ද සැලකේ).
*මෙහි ප්‍රධානත්වය ගෙන අැත්තේ  දෙමළ භික්ෂුවක් ලෙස ද සැලකේ.
*මෙම කෘතිය රචනා කරන ලෙස අැරයුම් කර අැත්තේ දේව පතිරාජ නම් උගත් අැමති වරයෙකි.
* මෙහි අැතුළත් කතා ගණන 500ක් ලෙස දැක් වුව ද, එහි නියම වශයෙන් අැතුළත් කතා ගණන 547 ක් බව පිළිගැනේ.
මේ කරුණු ටික පුතාලට මතකයේ තියාගන්න අමාරුනම් අභ්‍යාස පොතේ ලියාගන්න.
පන්සිය පනස් ජාතක පොතෙහි එන එක් කතාවක් ලෙස "තිලමුට්ඨි ජාතකය"හඳුන්වන්න පුළුවන්. එ් අාශ්‍රිතව තමයි ඔයාලගෙ පෙළ පොතේ 9 වැනි පාඩම සැකසිලා තියෙන්නෙ.

Audio 1 


මෙහි අර්ථය සැලකීමේ දී

තිල යනු තල වේ.(ධාන්‍යයකි.)
මුට්ඨි යනු මිට යන්නයි.
එ් අනුව තල මිටක් පිළිබඳ කියැවෙන කතාවකි මෙය.


මම දැන් මේ පාඩමට අදාළ අමාරු වචන(දුරවබෝධ පද) ටික පුතාලට පෙන්වන්නම්.පුතාල එ් වචන ටික බලා  වචන වල තේරුම් සැලකිල්ලට ගනිමින් පෙළ පොතේ 9වැනි පාඩම කිහිපවිටක්  හොඳින් කියවන්න. වචන ටික පහතින් තියෙනව.

1.සමයේ කාලයේ,
වකවානුවේ
2 ගුණාකාරය - ගුණකිරීම(මෙය ගණිතමය දැනුම හා බැඳේ.
3.මස්ස - මසුරන් එකකි
4.පිළි - රෙදි හෝ අැඳුම්
5.සඟළක් - දෙකක්
6.පත්කුඩය - පත්‍රවලින් කරන ලද කුඩය
7.වහන් - පාවහන්
8. තක්සලාව - ඉපැරණි ඉන්දීයාවේ රාජකීය අනුග්‍රහය ලද අධ්‍යාපන ආයතනයකි.
9.සක්මන් කරනවා - එහා මෙහා ශාන්ත ගමනින් අැවිදීම.
10.නකත්(නැකත) -සුබ වෙලාව
11.මෑලි - මහලු
12.බඩසය - බඩගින්න/ සුදාගින්න.
13. නියායෙන් - අාකාරයෙන්
14.අතවැස්සන් - තම යටතේ ඉන්න වුන්(ශිෂ්‍යයින්)
15.මොරගැසීම - කෑ ගැසීම
16 අන්‍යාවක් - වැරැද්දක් (නීතියට පිටුපා යාමක්)
17.වික්ෂේප -  සිතේ නොසන්සුන්කම(තිගැස්ම)
18.ඉනිබ්බේ - මින් මතු/ මීට පසු
19. පාටව - දඬුවම්
20.පත්ත - පතුර
21.උරණව - කේන්තියෙන්
22.වෛරය - පළිගැනීමේ චේතනාවක් අැති කර ගැනීම
23. නිපුණ - දක්ෂ බව
24.අඹුව - බිරිඳ
25.පුරෝහිත - රජුට අනුශාසනා කරන්නා

මේ වචන වල තේරුම් සැලකිල්ලට ගනිමින් පුතාල පාඩම කියවන්න.අනිත් දවසෙ මම ඉතිරි කරුණු ටික කියල දෙන්නම්.දැනට මොනව හරි ගැටළු තියෙනව නම් අහන්න.
නිදුක් නිරෝගී සුබ රාත්‍රියක් වේවා..!!


SCIENCE

විෂය                               -විද්‍යාව පාඩම                              - 7 ගුුරැ බවතා                        - උදයංග මධුමාල් ...