විෂයය - දෙමළ
ගුරු භවතා - චන්දන ප්‍රදීප් කුමාර
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/15
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2-සිට ප.ව 4 දක්වා.
------------------------------------------------------------------------------------------------------------------
உங்கள் அனைவருக்கும் இனிய மாலை வணக்கம்
පුතේ ඔයාලා හැමෝටම සුභ සන්ධ්‍යාවක්
පුතාලට මතක ඇති. අපි 1 සිට 20 දක්වා සංඛ්‍යා 20ක් ආරම්භක පියවර විදිහට ඉගෙන ගත්තා. අද එතනින් ටිකක් ඉදිරියට සාකච්ඡා කරනවා මේ පාඩමෙන්.
ඔයාලා මීට කලින් ඉගෙන ගත්තු දෙමළ සංඛ්‍යා ගැන තමයි අද මේ පාඩමෙන් තව ටිකක් ඉදිරියට සාකච්ඡා කරන්නේ.
අපි මුලින්ම ඉගෙන ගත්තු සංඛ්‍යා 20 ගැන මතක් කර ගමු. ඔයාලාගේ සටහන් පොත අරගෙන
මේ සංඛ්‍යා 20 ආපහු ලියා ගන්න.
ஒன்று
இரண்டு
மூன்று
நான்கு
ஐந்து
ஆறு
ஏழு
எட்டு
ஒன்பது
பத்து
පළමු සංඛ්‍යා 10 ලියන ආකාරය හුගාක් වැදගත්. මේ සංඛ්‍යා 10න් තමයි අනෙකුත්
සංඛ්‍යා ගොඩනැගෙන්නේ. ඒ නිසා මේ සංඛ්‍යා 10 නැවත නැවත ලියලා හොදින් හුරුපුරුදු වෙන්න
.අපි ආපහු ඒ සංඛ්‍යා 10 ලියමු. සිංහල අකුරින් උච්චාරණයත් ඒ ඉදිරියේ ලියමු.
ஒன்று ඔන්රු
இரண்டு ඉරණ්ඩු
மூன்று මූන්රු
நான்கு නාන්ගු
ஐந்து ඓන්දු
ஆறு ආරු
ஏழு ඒලු
எட்டு එට්ටු
ஒன்பது ඔන්බදු
பத்து පත්තු
මේ ලියපු සංඛ්‍යා 10 න්, මුලට ස්වර අකුරක් තියෙන සංඛ්‍යා 7ක් තියෙනවා.
ඒ කියන්නෙ ස්වර අකුරකින් පටන් ගන්න සංඛ්‍යා.
ඒවා තමයි
ஒன்று
இரண்டு
ஐந்து
ஆறு
ஏழு
எட்டு
ஒன்பது
‘
අපි දැන් සංඛ්‍යා 10 ක් ගැන හොඳටම දන්නවා. 11 ඉදන් 20 දක්වා තියෙන සංඛ්‍යා ලියමු ද එහෙනම්...
11 - பதினொன்று
12 - பன்னிரண்டு
13 - பதின்மூன்று
14 - பதினான்கு
15 - பதினைந்து
16 - பதினாரு
17 - பதினேழு
18 - பதினெட்டு
19 - பத்தொன்பது
20- இருபது
11 ඉදන් 19 දක්වා තියෙන සංඛ්‍යා හැදෙන්නේ பதின் කියන වචනෙට
1 ඉදන් 9 දක්වා තියෙන සංඛ්‍යා එකතු වෙලා. (අංක 12 සහ 19 සංඛ්‍යා දෙක විතරක් පුංචි වෙනසක් වෙනවා)
මම ඒ නිසා තමයි පුතේ මුලින් කීවේ ඒ සංඛ්‍යා හුගාක් වැදගත් කියල. හරි එහෙනම් අපි එකතු කරගෙන යමු.
பதின் ஒன்று = பதினொன்று
பதின் இரண்டு =
பன்னிரண்டு
பதின் மூன்று = பதின்மூன்று
பதின் நான்கு = பதினான்கு
பதின் ஐந்து = பதினைந்து
பதின் ஆறு = பதினாறு
பதின் ஏழு = பதினேழு
பதின் எட்டு = பதினெட்டு
பதின் ஒன்பது = பத்தொன்பது
இருபது
பதினொன்று පදිනොන්රු
பன்னிரண்டு පන්නිරණ්ඩු
பதின்மூன்று
පදින් මූන්රු
பதினான்கு
පදිනාන්ගු
பதினைந்து පදිනෛන්දු
பதினாரு පදිනාරු
பதினேழு පදිනේලු
பதினெட்டு පදිනෙට්ටු
பத்தொன்பது පත්තොන්බදු
இருபது ඉරුබදු
හරි..දැන් ඔයාලා හැමෝම 1 සිට 20 දක්වා සංඛ්‍යා දෙමළ අකුරින් ලියන්න වගේම උච්චාරණය කරන්නත් දන්නවා.
මේක නැවත නැවත කරලා හුරු වෙන්න.
මීළඟට අපි බලමු 21 සිට 30 දක්වා සංඛ්‍යා ගැන.
21 සිට 29 දක්වා සංඛ්‍යා හැදෙන්නේ இருபத்தி කියන වචනෙට 1 ඉදන් 9 දක්වා සංඛ්‍යා ටික එකතු වෙලා.
(සිංහල සංඛ්‍යා වගේම තමයි. විසි කියන වචනෙට එකතු වෙනවා වගේ) සංඛ්‍යා ටික මුලින් ලියා ගමු.
ඊට පස්සේ බලමු හැදෙන විදිහ.
இருபத்தொன்று
இருபத்திரண்டு
இருபத்தி மூன்று
இருபத்தி நான்கு
இருபத்தைந்து
இருபத்தாறு
இருபத்தேழு
இருபத்தெட்டு
இருபத்தொன்பது
முப்பது
Audio 13
இருபத்தி ஒன்று = இருபத்தொன்று
இருபத்தி இரண்டு = இருபத்திரண்டு
இருபத்தி மூன்று = இருபத்தி மூன்று
இருபத்தி நான்கு = இருபத்தி நான்கு
இருபத்தி ஐந்து = இருபத்தைந்து
இருபத்தி ஆறு = இருபத்தாறு
இருபத்தி ஏழு = இருபத்தேழு
இருபத்தி எட்டு = இருபத்தெட்டு
இருபத்தி ஒன்பது = இருபத்தொன்பது
முப்பது
මෙහි මුලින් එකතු වන இருபத்தி කියන වචනයේ අර්ථය "විසි" කියන එක.
ඉතින් இருபத்தி කියන වචනයේ අග අකුරට තමයි 1 ඉදන් 9 වෙනකම් තියෙන
වචනවල මුල් අකුරු එකින් එක එකතු වෙන්නෙ. උඩින් තියෙන උදාහරණයෙන් ඒක හොඳට පැහැදිලි වෙනවා.
මේ උදාහරණය හොදින් බලන්න. 21 එහෙම නැත්නම්
இருபத்தொன்று කියන වචනය හැදෙන්නේ මෙහෙම.
මම මුලින් ඔයාලට කීවා இருபத்தி කියන වචනෙට ஒன்று කියන වචනෙ
එකතු වෙලා තමයි இருபத்தொன்று කියන වචනෙ හැදෙන්නේ කියලා.
இருபத்து කියන වචනයේ අග අකුරට ஒன்று කියන වචනයේ මුල අකුර එකතු කරන්න ඕන.
අග තියෙනවා "தி" කියන මිශ්‍ර අකුර. ව්‍යංජන අකුරකට විතරයි පුළුවන් ස්වර අකුරක් එකතු කරන්න.
ඉතින් අපි தி කියන මිශ්‍ර අකුර වෙන් කරලා හදා ගන්නවා.
தி හැදෙන්නේ த் අකුරට இ කියන ස්වරය එකතු වෙලා. මෙහෙම වෙන් කර ගත්තාම වචනය වෙන්නෙ
இருபத் த் இ ஒன்று කියන එක. ඉතින් පුතේ මේකෙ තියෙන இ කියන ස්වර අකුර ඉවත් වෙනවා.
ඊට පස්සේ ඉතිරිවන த் කියන අකුරට ஒன்று කියන වචනයේ ஒ ස්වර අකුර එකතු වෙනවා.
த் ஒ අකුරු එකතු උනාම தொ අකුර හැදෙනවා. අවසානයේ වචනය இருபத்தொன்று කියලා හැදෙනවා.